Showing posts with label beauty. Show all posts
Showing posts with label beauty. Show all posts

Wednesday, July 29, 2020

චන්දෙට පෙර රත්නපුරෙන් මතුවූ රතු මැණික | Red Gem


A little toak about the red gem that emerged from Ratnapura before the election
මැතිවරණයට පෙර රත්නපුරෙන් මතුවූ රතු මැණික ගැන කුඩා විස්තරයක් සහිත විරිදුවක්

Tuesday, July 14, 2020

කඩුපුල් මල් පිපෙන අයුරු | Blooming Kadupul - Queen of the Night flowers

කඩුපුල් මල් පිපෙන අයුරු බලමු
 Epiphyllum oxypetalum හා Epiphyllum Cinderella යන විද්යාත්මක නාමයෙන් හඳුන්වන විශේෂ ලංකාවේ කඩුපුල් මල ලෙස හදුන්වයි. 
 ඉංග්රීසි ව්යවහාරයේදී “ඕලන්ද මිනිසාගේ පයිප්පය” සහ “රාත්‍රියේ රැජින” (Queen of the Night) යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි.
 ශ්රී ලංකාවේ මෙය කඩුපුල් මල ලෙස හැඳින්වුවද ඉන්දියාවේදී බ්රහ්ම කමලම් ලෙස හැඳින්වේ. 
මහා බ්රහ්මයා විසින් මැවීමෙන් අනතුරුව එම නම ලබාදුන් බව පැවසේ. 
මෙම මල පිපෙන අවස්ථාවේදී දෙවියන්ගෙන් ඉල්ලා සිටින දේවල් ලැබෙන බව බැතිමතුන් විස්වාස කරයි.
 පිපුනාම දසතම සුවඳ ගන්වන නාගලෝකයෙන් මනුලොවට ගෙන ආවා යැයි ජනප්රවාදවල පැවසෙන කඩුපුල් මල් කඩුවක් මෙන් පෙති ඇති උපුල්(දියේ පිපෙන මානෙල්) මෙන් නිසා කඩු උපුල් ලෙසින් නම් වැටී ඇත. 
පිපෙන්නට ඔන්න මෙන්න ඇති කඩුපුල් මලක ඇති නයි පෙනයක ස්වභාවය නිසා මෙම මල නාග ලෝකයෙන් ගෙන ආවා යැයි පවසන්න ඇත.
 චීන ජනවහරේදී කඩුපුල් මල විශේෂ පුද්ගලයන් හැඳින්වීම සඳහා යොදාගනී. 
එනම්, සිත් ගන්නා සුළු නමුත් ඉතා සුළු කාලයක් කීර්තිමත්ව සිටින පුද්ගලයන් හැඳින්වීම සඳහා කඩුපුල් මලේ නම යොදාගනී. 
ඒ කඩුපුල් මලද පිපීම සඳහා විශාල කාලයක් ගන්නා නමුත් එක රැයෙන් පරවී යන නිසාය. 
 කඩුපුල් මලට ජපන් වැසියන්ගෙන්ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන් කඩුපුල් මල “සඳ කුමරිය” "Beauty under the Moon" ලෙස හඳුන්වයි
 මෙය කැක්ටස් නම් වන පතොක් කුලයට අයත් ශාකයක පිපෙන මලකි.   
 මෙය පතොක් මෙන් පොළව මත සිටගන්නේ නැත.වෙනත් ශාඛයක එල්ලුනු අපිශාඛයක් දෙස වර්ධනය වෙයි.
 රාත්රී පතොක් ශාකය ලෙස ඇතැම් විට හඳුන්වනු ලැබුවද මෙය පතොක් ශාකවල ලක්ෂණ බහුලව නොපෙන්වයි. 
 දිගු මාංශල පත්ර ඇති මෙම ශාඛයට වර්ධනය වීමට විශාල ජල ප්රමාණයක් බලාපොරොත්තු වන්නේද නැත.
 පත්ර ගැටිති අගින් පැන නගින මල් රෝස පැහැති බාහිර පෙති සහිත මලේ අභ්යන්තර පෙති ඉතා සුදු හා මහත් වූ සුවඳකින් යුතුවේ.
 පතොක් කුලයේ මල් පිපෙන්නේ රාත්රි කාලයට ලෙස සලකයි .එයට හේතුව මල් එළියට දැමීමට අවශ්ය සිසිල හා අඩ අඳුර එයට ලැබෙන්නේ රෑට පමණක් බැවිණි.
 මෙම කඩුපුල් ශාකය යුරෝපීයයන් ඇමෙරි කාව සොයා ගැනීමෙන් පසු ලෝකයේ ප්රචලිතව ගිය එකක් බැවින් අපේ සාහිත්යයේ හා බෞද්ධ සූත්ර වල සඳහන් වන කඩුපුල් වෙනයම් එකක්විය යුතුය. කොසොල් රජ තුමා හා බුදුන් වහන් සේ අතර ඇතිවූ සංවාදයක සඳහන් වන්නේ කඩුපුල් ඇත්තේ නාග ලෝකයේ බවයි. 
 උතුරු ඇමරිකාව ජන්ම භූමිය වන මෙම කඩුපුල් ශාකය මේ වන විට ලොව පුරා පැතිරී ඇත.
   
 කඩුපුල් යනු පහසුවෙන් වගා කළ හැකි ශාකයකි. පත්රයක් පසට යට කර ගැනීමෙන් පැල කරගත හැක.
 රාත්රි 7ට පමණ භාහිර පෙති විවෘත වන අතර රාත්රී 10 – 11 වන විට සම්පූරණයෙන්ම මල පිපී මලේ කලංකයද පිටතට පනී. පසුදා පාන්දර 5 පමණ වන විට මෙය නටුවේම පරව යයි. පතොක් කුලයට අයිති ශාඛයක් නිසා දවාලට පරාගණය සිදුවීමට මල් පිටතට දැමන්නේ නැත( පතොක් බොහෝ විට ඇතිවන්නේ අධික අවුරශ්මිය ඇති කලාප වල වීම එයට හේතුවයි). 
 මෙම මලේ නිපදවෙන "මීතයිල් සැලිසිලේට්" නම් රසායනය නිසා මෙතරම් සුවඳ බව පැවසේ.
 මුහුම්කරණය මගින් දම්,රතු,රෝස,තැඹිලි වර්ණ සහිත කඩුපුල් වර්ග දැන් නිමවා ඇත.දහවල් කාලයේ පිපෙන වර්ගද නිමවා ඇත.
රෑ මනමාලී..
"Queen of the Night"... සමහර රටවල් වල කඩුපුල් මල හඳුන්වන්නෙ ඒ නමින්. රාත්‍රියටම පිපිලා සඳ රාජිණියගෙ සෞම්‍යාලෝකය මැද බොහොම තේජවන්තව බැබලුණාට මොකද ඉර උදාවෙනවත් එක්කම හැමෝටම හොරෙන් හැංගිලා යනවා. 
චන්දන ලියනආරච්චි ගෙ සින්දුවක මෙලෙස සටහන් වෙනවා .."සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ නුඹ තාම නිදිද.. නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ.." එයද කඩුපුල් මලක් තරමටම ලස්සනය සුන්දරය දැන්නම් කඩුපුල් මල හොඳටම වගේ පිපිලා   රේණු ටිකයි කලංකයයි මුළුමනින්ම නිරාවරණය වෙලා. මුළු මිදුලම සුවඳයි.
දහය එකොළහ විතර වෙද්දි කඩුපුල් මල සම්පූර්ණයෙන්ම පිපෙනවා

Saturday, September 28, 2019

Adam's Peak l Sripada Mountains 3D View (ශ්‍රී පාද කදු 3d video)

This video shoot was a coincidence and I hope to never see it again and shows Sri Pada Mounts 3D look and the nearby hills. 
Adam's Peak is a 2,243 m (7,359 ft) tall conical mountain located in central Sri Lanka. It is well known for the Sri Pada, i.e., "sacred footprint", a 1.8 m (5 ft 11 in) rock formation near the summit, which in Buddhist tradition is held to be the footprint of the Buddha.

Monday, February 18, 2019

Aththanagalla raja maha viharaya


Monday, April 2, 2012

Ramboda moutain Sri lanka

moutain, hill, mountain, sri lanka, ramboda
Ramboda mountain
Ramboda  moutain of best tourist place in Sri lanka.

©mamangalika